word

MS Office


MS office නැතිනම් Microsoft office කියන්නේ ඔයාලට ගොඩක්ම ඕනේ වෙන Software එකක් නේද? ඔයා රැකියාවක් කරන කෙනෙක් නම් එහෙමත් නැත්නම් ඉගෙන ගන්න කෙනෙක් නම් මේ MS office software එක ඔයාලට ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා. දැනට Microsoft සමාගම විසින් MS office 2003, 2007, 2010, 2013, 2016 යන ප්‍රතිසංස්කරණ(Version)  කිහිපයක් එලි දක්වලා තියෙනවා. 2003 version එක දැන් බාවිතයෙන් ඉවත් වෙලා තමයි තියෙන්නේ. MS office ඉගෙන ගන්න කෙනෙක්ට නම් 2007 Version එක තමයි ලේසිම. ඒත් ඉතින් මම නම් කියලා දෙන්න යන්නේ 2013 version එකෙන් තමයි. මේ version වලින් ගොඩක්ම වෙනස් වෙලා තියෙන්නේ Interface එකේ වෙනස්කම් තමයි. තව පොඩි පොඩි වෙනස්කම් ටිකක් තියෙනවා ඒවා එච්චර අමාරු දේවල් නෙමෙයි.


අපි පළමුවෙන්ම කතා කරමු MS Word ගැන






ඉහත පින්තූරයේ මං දාලා තියෙන්නේ Word Document එක. ගොඩක් වෙලාවට අපි මේක භාවිතා කරන්නේ ලිපියක් සකස් කර ගන්න තමයි. මං උඩින් දාලා තියෙන පින්තූරයේ Home, Design, Page layout, References, Mailings, Review, View කියලා තියෙන්නේ Tabs ටික. ඒකට කියන්නේ Tab Bar කියලා. ඒ වගේම තමයි Working area කියලා තියෙන කොටසේ තමයි ඔයාලට වැඩ කරන්න තියෙන්නේ. තව ඔයාලට පේනවා ඇති Status bar කියලා තියෙනවා. ඒකෙන් කරන්නේ ඔයා දැන් වැඩ කරමින් ඉන්න page එක, ඔයා typing කරන Language එක වගේම Wordsකියන එකෙන් ඔයාගේ Document එකේ දැනට Paragraphs, Lines, characters, words, pages කීයක් තියෙනවද කියලා එතනින් බලාගන්න පුලුවන්. ඉතින් මං දැන් කියලා දෙන්නම් Home කියන Tab එකෙන් වෙන්නේ මොකක්ද කියලා.

HOME TAB



ඉහත පින්තූරයේ තියෙන්නේ Home bar එකේ කොටස් වර්ග කරලා. මං දැන් ඒ එක් එක් කොටස් ගැන ඔයාලට කියලා දෙන්නම්.

1.  Font

Times new roman කියලා තියෙන කොටුවක් ඔයාලට පේනවා ඇති නේද? ඒකෙන් අපි ලිපියක් Type කරද්දි ඒ ලිපියේ Font (font family) එක ඒ කියන්නේ අකුරු වල හැඩය වෙනස් කර ගන්න පුලුවන්. ඒකෙන් වෙනස් කරපු වචන ටිකක් මං පහලින් දාන්නම්.

FONT               FONT               FONT             FONT                 FONT


2.   Font Size

Font Size එකෙන් අකුරු වල ප්‍රමාණය වෙනස් කර ගන්න පුලුවන්. ඒකෙන් වෙනස් කරපු වචන වල ප්‍රමාණ ටිකක් මං පහලින් දාන්නම්.

Font size          Font size     Font size       Font size       Font size

 3.   Increase font size

Increase font size එක මඟින් type කරලා තියෙන paragraphs එකක අකුරු ලොකු කරගන්න වගේම පොඩි කරන්නත් පුලුවන්.

4. Change case

මේකෙන් වෙන්නේ අකුරු කැපිටල් සිම්පල් වලට මාරු කරන එක. උදාහරණ ටිකක් මං දාන්නම්.

Change case      change case      CHANGE CASE          cHANGE Case

5.   BOLD

කැපිටල් අකුරක් තියෙනවා ඔයාලට පේනවා ඇති. ඒකෙන්  අපිට කැමති අකුරු පේළියක් Bold කර ගන්න පුලුවන්.

6.   ITALIC

මේකෙන් වෙන්නේ අකුරු Italic වෙන එක. ඒ කියන්නේ ඒකෙන් අකුරු ඇද(italic) වෙනවා. මෙන්න මේ වගේ. 

Italic

7.    UNDERLINE

U අකුරක් ඔයාලට පේනවා තියෙනවා ඇති. ඒකෙන් වෙන්නේ අකුරු යටින් ඉරක් ඇදෙන(Underline) එක.

8. Strikethrough

Strikethrough කියන එකනම් ගොඩක් වැදගත් වෙන දෙයක්නම් නෙමෙයි. ඒත් මං ඔයාලට කියලා දෙන්නම් ඒකෙන් මොකද වෙන්නේ කියලා. යම් කිසි වාක්‍යක් ඉරකින් කපා ඉවත් කරගන්න ඕනේනම්Strikethrough භාවිතා කරන්න පුලුවන්.

Strikethrough

9. Subscript And Superscript

Subscript කියන්නේ මොකක්ද කියලා කියනවට වඩා ඒකෙන් වෙන්නේ මොකක්ද කියලා මං ඔයාලට පෙන්වන්නම්.

 This is subscript

ඔයාලට දැන් තේරෙනවා නේද ඒ මොකක්ද කියලා. අපට අවශ්‍ය වාක්‍යක් පහලින් type කර ගන්න subscript හරහා පුලුවන්.

Superscript කියන්නේ Subscript කියන එකේ අනික් පැත්ත. ඒ කියන්නේ අපට අවශ්‍ය වාක්‍යක් ඉහලින් type කර ගන්න එක. ඔන්න බලන්නකෝ ඒකත්.

This is Superscript

දැන් තේරෙනවා නේද Subscript And Superscript කියන්නේ මොකක්ද කියලා.


10. Text highlight color

මේකෙන් වෙන්නේ වාක්‍ය කිහිපයක් හෝ ඡේද කිහිපයක් Highlightකරලා පෙන්වන එක. ඉතින් ඔයාලට හිතෙනවා ඇති bold එකෙනුත් ඒක කරන්න පුලුවන් නේද කියලා. ඒකෙන් වෙන්නේ font එක ඒ කියන්නේ අකුරු Highlight වෙන එක විතරයි. ඒත් මේක වෙනස්. මේකෙන් Highlight වෙන්නේ color එකකින් සම්පූර්ණ වාක්‍යම. ඔයාලට කැමති පාටක් මේකට යොදා ගන්න පුලුවන්. ඒ වගේම තමයි අනිවාර්යෙන්ම අවශ්‍ය වාක්‍ය කිහිපය select කරලා තමයි color එකselect කරන්නේ.


This is a text highlight color


11. Font color

Font color එකෙන් වෙන්නේ ඔයා type කරන අකුරු වල පාට වෙනස් වෙන එක.

This is font color 

12. Align left, center, align right, justify

Align left        – page එකේ වම් පැත්තේ type කිරීම
Center           – page එකේ හරි මැද type කිරීම
Align right      – page එකේ දකුණු පැත්තේ type කිරීම
Justify           - දෙකෙළවරටම සමාන්තරව type කිරීම

13. Line and paragraph spacing

line and paragraph spacing එකෙත් අපිට කිසියම් වාක්‍ය පේළි කිහිපයක් හෝ ඡේද කිහිපයක් ටයිප් කළ විට එහි  පේලී  අතර පරතරය(space) අඩු වැඩි කර ගැනීමට පුලුවන්.

14.  Shading

ඔයාලට මතක ඇති Text Highlight color එක. මේකත් ඒ වගේ තමයි. හැබැයි ටිකක් වෙනස්. මේකෙන් ඔයාලට පුලුවන් මාතෘකාවක් සඳහා වර්ණ යොදා ගන්න. මෙන්න මේ වගේ,

Shading  

හැබැයි මේක කරන්න නම් වාක්‍ය සම්පූර්ණයෙන්ම select  කරන්නේ නෑ.Mouse point එක ඒ වචනයේ අකුරක් ලඟ තියලා තමයි මේක කරන්න ඕනේ. 

15.   Borders

මේකෙන් වෙන්නේ වාක්‍යකට හෝ ඡේදයකට borders දැමීමයි. Bordersමඟින් කැමති ස්ථානයකට bottom borders, top borders, left border, right borders, inside borders සහ horizontal line, Draw Table, View Guidelines, Borders and Shading වගේ ගොඩක් දේවල් කරන්න පුලුවන්.

Borders


16.  Bullets

මේකෙන් වෙන්නේ අනු මාතෘකා හෝ අනු කොටස් සඳහා විවිධ ආකාරයේ bullets යොදන්න පුලුවන් එකයි. මෙන්න මේ වගේ,

v  Bullets
v  Bullets

ü  Bullets
ü  Bullets

·         bullets
·         bullets

 17.   Numbering

Numbering හරහා වෙන්නේ මාතෘකා, ප්‍රශ්නාවලි හෝ අනු කොටස් සඳහා අංක(numbers)රෝම ඉලක්කම්(roman numbers)ඉංග්‍රිසි අකුරු(a-z)යොදන්න පුලුවන් එකයි. මෙන්න මේ වගේ,

1.    Numbering
2.    Numbering

 I.      Numbering
 II.    Numbering

A.    Numbering
B.    Numbering


18.  Multilevel list

ඔයාලට මේ හරහා bullets, numbering, roman numbering, heading වගේ ගොඩක් දේවල් කරන්න පුලුවන්. ඒ කියන්නේ මං ඉස්සෙල්ලා bullets and numbering කියලා කියපු දෙකේම තියෙන ඔක්කෝම දේවල් මේකෙන් කරන්න පුලුවන්.

ඉතින් MS office software එකේ word වල home tab එකේ තියෙන අවශ්‍යම දේවල් ටික මං ඔයාලට කියලා දීලා තියෙන්නේ. මමත් තවම ඉගෙන ගන්න කෙනෙක් නිසා ටිකක් වෙලාව මදි. ඒත් මං පුලුවන් හැම වෙලාවකම ඔයාලට ඉගෙන ගන්න පුංචි දෙයක් හරි දාන්නම්. ඉතින් ඊළගට අනිත් Tab ටිකත් කියලා දෙන්නම්. ස්තූතියි



INSERT TAB

අද මං ඔයාලට කියලා දෙන්න හදන්නේ insert tab එක ගැන. මං පහලින් දාලා තියෙන පින්තූරයේ තියෙන්නේ insert tab එක තමයි. ඉතින් අපි දැන් බලමු insert tab එකෙන් මොනවගේ දේවල්ද කරන්න පුලුවන් කියලා.







මං මේක ගැන ඔයාලට කොටස් වශයෙන් කියලා දෙන්නම්. එහෙම හොඳයි නේද? බලන්නකෝ මං පහලින් දාලා තියෙන පින්තූරය.






Cover page –  මේකේ තියෙනවා විවිධ වර්ගයේ styls ඉතින් ඔයාලට පුලුවන් මේවගෙන් එකක් තෝරගෙන edit කරලා document එක හදා ගන්න.

Blank page – මේකෙන් වෙන්නේ අලුතින් හිස් පිටු එකතු කර ගන්න පුලුවන් එක.

Page break – page break එක හරහා document එකේ අවශ්‍ය කොටසක් අලුත් පිටුවකට ගන්න පුලුවන්.

Table – මෙහි ඇති inser table හරහා ඔයාලට කැමති columns හා row ප්‍රමාණයක් ලබා දී table එකක් නිර්මාණය කර ගන්න පුලුවන්. නැත්නම් draw table හරහා table එකක් ඇද ගන්නත් පුලුවන්. තව excel spreadsheet ගන්නත් පුලුවන්.

Pictures – මේ හරහා ඔබේ පරිගණකයේ ඇති ඕනෑම පින්තූරයක් text area එක මතට ලබා ගන්න පුලුවන්.

Online pictures – මේකෙන් ඔයාලට online search කරලා කැමති පින්තූරයක් text area එක මතට ලබා ගන්න පුලුවන්.

Shapes – shapes තුළ විවිධ වර්ගයේ හැඩතල තියෙනවා. ඉතින් මේක හරහා ඔයාලට ගොඩක් ලස්සන නිර්මාණ කරන්න පුලුවන්.

SmartArt – SmartArt  හරහා list, process, cycle, hierarchy, relationship, matrix, pyramid, picture වගේ ගොඩක් arts වර්ග යොදාගෙන ලස්සන නිර්මාණයක් කර ගන්න පුලුවන්.

 Chart –




Charts එක හරහා ඉහත පින්තූරයේ ඇති ආකාරයට column, line, pie, bar, area, X Y (scatter), stock, surface, radar, combo වැනි Charts ලබා ගන්න පුලුවන්.

Screenshot – මේකෙන් ඔයාලට පරිගණක තිරය තුළ දිස්ව ඇති ඕනෑම දෙයක Screenshot එකක් ගහ ගන්න පුලුවන්.





ඉහත පින්තූරයේ ඇති Online Video හරහා ඔබට කැමති video එකක් Online Search කරලා add කරන්න පුලුවන් වගේම Bookmark, Hyperlink, Cross-Reference වගේ දේවල් යොදා ගන්න පුලුවන්. ඒ වගේම Header සහ  Footer තුලින් Page එකට Header, Footer Add කරන්න පුලුවන්. Page Number තුලින් පිටු(page) වලට අංක(numbers) දාන්න පුලුවන්. පොතක් වගේ Design කර ගන්න අවශ්‍ය කෙනෙකුට මේක ගොඩක් වැදගත්.






Insert tab එකේ අවසාන කොටස් ටික තමයි මං මේ උඩින් දාලා තියෙන්නේ. Text box එකේ design වර්ග කිහිපයක් තියෙනවා. මේකත් අර Cover Page එක වගේ තමයි. ඉතින් ඔයාලට කැමති එකක් තෝරගෙන document එක ලස්සනට හදා ගන්න පුලුවන්. Quick parts එකනම් එච්චර වැදගත් එකක් නෙමෙයි. Word art එකෙන් වෙන්නේ අකුරු වලට විවිධ arts වර්ග යොදන එක තමයි. ඒකෙත් ලස්සන Word art වර්ග ටිකක් තියෙනවා. මං මේ කියන හැම දෙයක්ම කරලම බලන්න ඕනේ. නැත්නම් ඉගෙන ගන්න අමාරුයි. Drop cap එකෙන් කරන්නේ අපි type කරන ඡේදයේ මුල් අකුර විශාල කරන එක.






තව එක දෙයක් කියලා දෙන්න අමතක උනා මට. ඒ තමයි Equation And Symbol කියන එක. equation කියන එකේ තියෙන්නේ ගණිත සූත්‍ර. මං හිතනවා ඒකත් ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියලා. Symbol කියන එකෙන් වෙන්නේ Key Board එකෙන් Type කරන්න අමාරු Symbol Document එකට එකතු කර ගන්න පුලුවන් එක. මේකේ ගොඩක් Symbol තියෙනවා වගේම ඔයාලට සිංහල Type කරන්න බැරිනම් එහෙමත් නැත්නම් අමාරුනම් මේකෙන් පුලුවන් අවශ්‍ය අකුර Type කර ගන්න.


ඉතින් Insert Tab එකේ අවශ්‍යම දේවල් ටික තමයි මං ඔයාලට කියලා දුන්නේ. පුලුවන් තරම් මේ හැම දෙයක්ම තනියම කරලා බලන්න. එතකොට මේ දේවල් මතක තියෙනවා වගේම ඔයාට හොඳට පුලුවන් වෙනවා. ඉතින් Design Tab එක ගැනත් ඉක්මණටම කියලා දෙන්නම්එතකම් මේ ටික හොඳට පුරුදු වෙන්න. 

No comments:

ICT සිංහලෙන් site එකට ඔයාලා හැමෝවම ආදරෙන් පිලිගන්නවා. O/L කරන A/L කරන ඕනෑම IT පාඨමාලාවක් හදාරන කෙනෙකුට වගේම ICT ඉගෙන ගන්න කැමති කෙනෙකුටත් මෙ...